June 5, 2025

රක්වාන කලවාන ප්‍රධාන මාර්ගය පොතුපිටිය මාණික්වත්ත ප්‍රදේශයේ මාර්ගය අලුත්වැඩියා කටයුතුවලට යොදවාගත් ඡල බවුසරයක් මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුපිටිය පන්දෙණිය ප්‍රදේශයේ පදිංචි යූ.සරත් සෝමසිරි නමැති 67 හැවිරිදි තිදරු පියකු බව පොතුපිටිය පොලිසිය පවසයි.

ජල බවුසරයේ ඉදිරි පස කොටස ගැලවි ගොස් රියදුරුගේ ශරිරයට යටවී ඇත.

පොතුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරටයුතු සිදුකරයි.