June 4, 2025

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් බෝට්ටුවකින් හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 778 ක් පමණ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනකු ලබන (17) දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නියෝග කරන ලදී.

සැකකරුවන් පේදුරු හේවගේ ප්‍රසන්න, දිනේෂ් සංජීව, ප්‍රදීප් නිශාන්ත, සුදේශ්, අජිත් ප්‍රියන්ත, දොන් නිලාන් සම්පත්, රුවන් නිශාන්ත, සුනිල් ශාන්ත, නලින් ප්‍රියන්ත සහ හෙන්ඩිගේ වසන්ත යන අය ලෙස හඳුනාගෙන ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.