June 3, 2025

ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවීඩ සේවාව සඳහා පසුගිය ඉරිදා (01) එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී කිසිදු දත්ත උල්ලංඝනයක් සිදු නොවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අනවසරයෙන් පුද්ගලයකු ආයතනයේ වෙබ් අඩවියට පිවිස SMS ඔස්සේ ගනුදෙනුකරුවන්ට වංචනික පණිවිඩ 10,000ක් පමණ යවා ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් පවසයි.

පද්ධතියට ඇතුළුවී ඇති බවත්, දත්ත නැවත ලබාදීම සඳහා බිට්කොයින් 1.5ක කප්පම් මුදලක් ඉල්ලා සිටින බවත්, පණිවිඩවල ව්‍යාජ ලෙස සඳහන් වී තිබිණි.

එහිදි අභ්‍යන්තර පද්ධති සුරක්ෂිත කිරීම සඳහා වහාම පියවර ගත් බවත්, කෙටි පණිවිඩ සේවාව යථාතත්ත්වයට පත්කළ බවත්, පාරිභෝගික දත්ත අවදානමට ලක්නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.