
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂ සහිත සර්පයන් ඇතුළු දුර්ලභ උරගයන් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු ඉන්දියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ සිට පැමිණෙමින් සිටි ඉන්දීය පුරවැසියකු මුම්බායි ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ මෙලස හසුකරගෙන ඇත.
විෂ සහිත පොළඟුන් 47 දෙනෙකු ඇතුළු උරගයන් එම පුද්ගලයාගේ ගමන් මලුවල සඟවා තිබූ බව නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
උරගයන් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ ඉන්දියාවේ විවිධ වනජීවී ආරක්ෂණ නීති යටතේයි.
මගියා අත්අඩංගුවේ පසුවන බැවින් ඔහුගේ නම හෙළිකර නොමැත.
බඳුනක දමා සිටින වර්ණවත් සර්පයන්ගේ ඡායාරූප රේගු නිලධාරීන් විසින් නිකුත් කර තිබිණි.
ඔවුන් පවසන්නේ මගියා සතුව තිබී මකුළු වලිග සහිත අං පොළඟන් තිදෙනෙකු, ආසියානු කොළ කැස්බෑවන් පස් දෙනෙකු සහ ඉන්දුනීසියානු වළ පොළඟන් 44 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මගියා මෙම උරගයන් ලබාගෙන ඇත්තේ කොහෙන්ද යන්න පැහැදිලි නැත.
ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ නීතිය මගින් රටට සතුන් ආනයනය කිරීම නීති විරෝධී නොවූවත්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හෝ ආරක්ෂා කර ඇති සතුන් ඇතුළුව ඇතැම් විශේෂ ආනයනය කිරීම තහනම් කරයි.
ඕනෑම වනජීවීන් වර්ගයක් ආනයනය කිරීමට පෙර මගියකු විසින් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගත යුතුය.
තහනම් කරන ලද වන සතුන් රට තුළට ජාවාරම් කිරීමට උත්සාහ කරන මගීන් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම අසාමාන්‍ය දෙයක් නොවේ.
ජනවාරි මාසයේදී, කිඹුල් හිස් කබලක් තම ගමන් මලුවල රැගෙන යාම සම්බන්ධයෙන් කැනේඩියානු ජාතිකයකු දිල්ලි ගුවන් තොටුපළේදී ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් මාසයකට පසු, ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තයේ වනාන්තරවලට ආවේණික කුඩා වානරයකු වන සියමැන්ග් ගිබන් පස් දෙනෙකු රැගෙන ආ මගියකු මුම්බායි ගුවන් තොටුපළේ නිලධාරීන් විසින් නතර කරගෙන තිබිණි.
එම සත්වයා අන්තර්ජාතික ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ සංගමය විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවට නම්කර සිටින සතෙකි.
නොවැම්බර් මාසයේදී, කැස්බෑවන් 12 දෙනෙකු රැගෙන යෑම සම්බන්ධයෙන් බැංකොක් සිට ආපසු පැමිණෙන මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart