June 2, 2025

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

තලවාකැලේ ලිඳුල නගර සභාවට අයත් අංක 12 ගවමස් කඩකාමරය බදුදීමට අදාළව ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබානොදී අවම ලංසුවක් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් අසෝක සේපාලට චෝදනා එල්ල විය.

එමගින් රජයට සිදුව ඇති පාඩුව රුපියල් විසිතුන්ලක්ෂ අසු දහසක් බව පැවැසේ.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.