
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොවැම්බර් 4 වැනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.
ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ නෙදර්ලන්ත රජය විසින් පරිත්‍යාග කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් තම පෞද්ගලික භාවිතය සඳහා ලබාගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි රටේ මහජනතාවගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.
ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
මෙම නඩුව එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් බී. අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
පෙත්සම අද කැඳවන විට, වගඋත්තරකරු වන හිටපු අමාත්‍ය ෆවුසි වෙනුවෙන් කිසිදු නීති නියෝජිතයකු පෙනී සිටියේ නැත.
ඔහුගේ නම විවෘත අධිකරණයේදී කැඳවනු ලැබුවද, ඔහුද එහි සිටියේ නැත.
ඒ අනුව, පෙත්සම්කරුගේ පාර්ශවයට සති හතරක් ඇතුළත හිටපු අමාත්‍යවරයාට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් අටදෙනෙකු නම් කර ඇති අතර, ඒ අතර හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සහ ඔහුගේ ලේකම් ලෙස සේවය කළ සිත්ති මරීනා මොහොමඩ් ද වෙයි.
2010 දී ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස සේවය කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් සුඛෝපභෝගී වාහනයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග කළ බව පෙත්සම්කරු සඳහන් කළේය.
කෙසේවෙතත්, පසුව හිටපු අමාත්‍යවරයා එම වාහනය ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා පවරාගෙන ඇති බව පැවැසේ.
වාහනය නඩත්තු කිරීම සඳහා අමාත්‍යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියනයක් පමණ වැයකර ඇති බව පෙත්සමෙහි තවදුරටත් සඳහන් වේ.
පසුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනුකළේය.
චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු, මහාධිකරණය ඔහුට වසර 10ක අත්හිටවූ සිර දඬුවමක් නියම කළේය.
හිටපු අමාත්‍ය ෆවුසි අමාත්‍යවරයෙකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී තිබුණද, පෙත්සම්කරු කියාසිටියේ ඔහුගේ ක්‍රියාවන් එම දිවුරුම උල්ලංඝනය කරන බවත් රටේ ජනතාවගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරන බවත්ය.
එබැවින්, මෙම උල්ලංඝනය තහවුරු කරන තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart