
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණයේදී කැකිරාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ නාමයෝජනා සලකා බලන ලෙස ඉල්ලා කැකිරාව ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත්කරන ලද ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු ඇතුළු සජබ සාමාජිකයන් දෙදෙනකු ගොනුකළ රිට් පෙත්සමක් අනුව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත්කර ඇත.
මෙම අතුරු නියෝගය ලබන 16 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී.
සමගි ජන බලවේගයේ සාමාජිකයන් දෙදෙනෙකු වන චන්දිම ගමගේ සහ අයි.එම්..පී.කේ. ඉලංගසිංහ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව නියෝගය නිකුත් කෙරිණි.
පෙත්සම්කරුවන් කියාසිටින්නේ සමගි ජන බලවේගය විසින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනාගත් බවත් ඉන් ආසන තුනක් සමානුපාතික නියෝජනය යටතේ ලබාගෙන තිබෙන බවත් තේරීම් භාර නිලධාරියා විසින් පක්ෂයේ මහලේකම්වරයාට දැනුම් දී ඇති බවය.
සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් එම ආසන තුන සඳහා අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු බවට තේරීම් භාර නිලධාරියා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර ඇත.
සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් ආසන තුන සඳහා කාන්තා සාමාජිකාවන් පත්කරන ලෙස තේරීම් භාර නිලධාරියා විසින් ගනු ලැබූ තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධාන වලට පටහැනි බවත් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සචින්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි සවනා රණතුංග සහ කල්පානි දිසානායක සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ සඳමාල් රාජපක්ෂ තර්ක කළේ, කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමානුපාතික නියෝජනය හරහා ලබාගත් ආසන තුන සඳහා කාන්තා මන්ත්‍රීවරුන් පත් කළ යුතු බව සඳහන් කරමින් තේරීම්භාර නිලධාරියා විසින් යවන ලද ලිපිය අන්‍යෝන්‍ය වශයෙන් නීති විරෝධී සහ අතිශයෝක්තියක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart