June 1, 2025

රජයේ ආයතනවල වුවද, පෞද්ගලික අංශයේ වුවද මේ වනවිට වියදම ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ පැලවත්ත සීනි කර්මාන්තශාලාව ඊට හොඳම උදාහරණයක් බවයි.

පැලවත්ත සීනි කම්හලේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 50 කින් ඉහළ ගොස් ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රජයේ ආයතනයක් වූ එම කම්හලට පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතනවලට ද එම ගැටලුව එලෙසම පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ වියදම ඉහළ ගොස් තිබුණ ද එම ආයතනවලට සිය ආදායම ඉහළ නංවා ගැනීමට නොහැකි වී ඇති බවයි.

සීනි ආනයනයේදී පවැතින අර්බුදය විසඳා පවතින ප්‍රතිපත්ති අනුව ආදායම් බද්දක් පනවා නිෂ්පාදන ආරක්ෂා කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.