
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය සිය රටේ නිර්මාතෘ සහ හිටපු අගමැති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව ඇතුළත් නොවන අලුතින් නිර්මාණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කර ඇත.
දශක ගණනාවකට පසු, බංග්ලාදේශයේ පළමුවරට මෙලෙස ඔහුගේ රුව ඇතුළත් නොවන නව මුදල් නෝට්ටු මාලාවක් නිකුත් කර ඇත.
මුදල් නෝට්ටුවේ පෙර ආකෘතිය ඉවත්කොට ඊයේ (01) මෙලෙස අලුතින් නිර්මාණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කර තිබේ.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකර ඇය ඉන්දියාවට පළායෑමෙන් අනතුරුව,නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මුදල් නෝට්ටුවල සිදුවූ පළමු ප්රධාන වෙනස මෙයයි.
බංග්ලාදේශ මහබැංකුවේ ප්රකාශකයකු වන අරිෆ් හොසේන් ඛාන්ට අනුව, නව මුදල් නෝට්ටු මාලාවේ තවදුරටත් කිසිදු මිනිස් චරිතයක රුව ඇතුළත් නොවේ.
ඒ වෙනුවට, නෝට්ටු ස්වභාවික භූ දර්ශන, ඓතිහාසික ස්ථාන, පන්සල්, මාලිගා සහ රටේ සංස්කෘතික උරුමයේ විවිධ අංග නිරූපණය කරයි.
සැලසුම් කර ඇති නෝට්ටු කාණ්ඩ නවයෙන් තුනක් මේ වන විට නිකුත් කර ඇති අතර ඉතිරි කාණ්ඩ අදියර වශයෙන් හඳුන්වාදීමට නියමිතය.
කෙසේවෙතත් දැනට පවතින මුදල් නෝට්ටු සහ කාසි අඛණ්ඩව සංසරණය වනු ඇත.
දේශපාලන වර්ධනයන් බංග්ලාදේශ මුදල් නිර්මාණයට බලපෑම් කළ පළමු අවස්ථාව මෙය නොවේ.
1972 දී නිදහසින් පසු නිකුත් කරන ලද පළමු මුදල් නෝට්ටු වල රටේ සිතියමක් ඇතුළත් විය.
පසුව, අවාමි ලීග පාලන සමයේදී, ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රූපය නෝට්ටුවේ සැලසුමට එකතු කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart