June 1, 2025

නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මැයි 25 වැනිදා සිට31 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබේ.

මෙම නියෝජිත පිරිසට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහ මහලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනෙකු ඇතුළත් විය.

මෙම නියෝජිත පිරිස නවදිල්ලියේ පිහිටි ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ (PRIDE) දිශානති වැඩසටහනට සහභාගී වූ පළමු කණ්ඩායම විය.

මෙය 2025 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද නිවේදනයකට අනුව, ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා වාර්ෂිකව පුහුණු ස්ථාන 700ක් පිරිනමන ලදී.

සංචාරක නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා ද හමුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය අවධාරණය කරමින්, ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ සටනට සහයෝගීතාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමට ස්තූති කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ද නියෝජිත පිරිස පිළිගෙන, ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ ‘මහාසාගර්’ දැක්ම යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ප්‍රගතිය සඳහා ඉන්දියාවේ කැපවීම නැවත අවධාරණය කළේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නියෝජිතයෝ ඉන්දියාව විසින් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දුන් කොන්දේසි විරහිත සහාය සඳහා ඉන්දීය රජයට ස්තූති කළහ.

දිශානති වැඩසටහන යටතේ, නියෝජිත පිරිස ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලීන්, පාර්ලිමේන්තු කමිටු පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර අනෙකුත් අදාළ කරුණු පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසි පැවැත්වීය.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු නිලධාරීන්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ ඉන්දියානු දේශපාලනය පිළිබඳ අවබෝධයන් බෙදා ගත්හ.

ඉන්දියානු ආර්ථිකයේ සිදුවෙමින් පවතින පරිවර්තනය, විශේෂයෙන් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ නාගරික සංචලනය පිළිබඳ ඉන්දියාවේ අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (UIDAI), දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාව සහ DLF IT උද්‍යානය නැරඹීමටද නියෝජිත පිරිසට අවස්ථාව ලැබිණි.

දිල්ලි හි තාක්ෂණික ආයතනයේ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අත්දැකීම ද නියෝජිත පිරිසට හිමි විය.

නියෝජිත පිරිස අග්‍රා හි යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ටජ්මහල නැරඹීමට ද ගිය අතර නවදිල්ලියේ රතු කොටුවේ ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ සංදර්ශනය ද භුක්ති විඳ තිබේ.

2025 මැයි මස මුලදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්දු -ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා පක්ෂ සීමාවන් ඉක්මවා මන්ත්‍රීවරුන් ගණනාවක් සහභාගී වී තිබිණි.