
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Uber හි අන්තර්ජාතික වැඩසටහනක් වන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Uber Sri Lanka පියවර ගෙන ඇත.
මෙමඟින්, Uber ප්‍රවාහන සේවාවන්, ඩිලිවරි සේවාවන් සහ ග්‍රොසරි භාණ්ඩ සේවාවන් භාවිත කරන පාරිභෝගිකයන්ට විශේෂ ප්රතිලාභ හා දීමනා රැසක් හිමි වේ.
පාරිභෝගිකයන්ගේ දෛනික ජීවිතය පහසු කරන විශේෂ දීමනා හා සේවාවන් රැසක් මෙම ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහනට ඇතුළත්ය.
මෙම නව සාමාජිකත්ව වැඩසටහන යටතේ ඉදිරියේදී Uber One සාමාජිකයන්ට සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී ඉහළ මට්ටමට ශ්‍රේණිගතවී සිටින රියදුරන් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ.
තෝරගත් ඇනවුම් සඳහා අසීමිත නොමිලේ ඩිලිවරි සේවාවන් සහ ඉහළ තලයේ සහන සේවාවන් හිමිවීම ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමිවනු ඇත.
Uber හෝ Uber Eats යෙදුම් වෙත පිවිස සරල පියවර කිහිපයක් ඔස්සේ Uber One සාමාජිකත්වය ලබාගත හැකි අතර, පළමු මාසය සඳහා මෙම සාමාජිකත්වය වෙනුවෙන් කිසිඳු මුදලක් අය නොකෙරේ.
Uber One සාමාජිකත්වය සඳහා මාසික ගාස්තුව රු. 599ක් වන අතර, වාර්ෂික ගාස්තුව රු. 5,999ක් වේ.
නව සාමාජිකත්ව වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Sri Lanka සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන පැවසුවේ, Uber භාවිත කිරීම මගින් තම එදිනෙදා කටයුතු පහසු වන ආකාරය පාරිභෝගිකයන්ට පෙන්වා දීම තම සමාගමේ ඉලක්කය බවයි.
‘‘මෙම නව සාමාජිකත්ව වැඩසටහන මගින් පාරිභෝගිකයන්ට අපගේ සේවාවන් සියල්ල සඳහා ඉහළම තලයේ ප්රතිලාභ හිමිවනවා. වට්ටම් සහ දීමනා සමග විශිෂ්ට සේවාවක් හිමිවීම නිසා පාරිභෝගිකයන්ට එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් සහ තෘප්තියකින් යුතුව ඉටුුකිරීමට හැකියාව ලැබේවි‘ සාමාන්‍යධිකාරිවරයා විශ්වාසය පළ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart