
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස් ආයෝජකයින් මෙරටට පැමිණෙන්නේ ලංකාවට ඇති ආදරයකට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට ආයෝජන තුළින් සාපේෂව වඩා වැඩි ලාභයක් හිමිවන්නේ නම් විදේශ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇති බවයි.
එබැවින් ආදායම් ඉපැහීමට නම් ආයෝජකයින් රටට ගෙන්වා ගත යුතු බවත්, ඒ සඳහා ඔවුන්ට පහසුකම් සැපයිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආයෝජකයින් සඳහා සහන ලබා දීමට අවස්ථාව නොදීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවන බවයි.
එවැනි ක්‍රියා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගෙනවා වෙනුවට තවත් ණය බරට තල්ලුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart