
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුදුසුකම් තිබුණ ද රජයේ වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත්වීමට අවස්ථාව නොලැබෙන දරුවන් වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා ඇතුළත්වීමට හෝ අවස්ථාව සලසා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව ඇතුළු පැවැති ආණ්ඩු විශ්ව විද්‍යාල පුද්ගලික අංශ සඳහා ද විවෘත කළේ එවැනි දරුවන් වෙනුවෙන් බවයි.
කොතලාවල ආරක්ෂක පීඨය නිසා වෛද්‍ය අංශයේ සිසුන්ට ද එම අවස්ථාව උදා වූ බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ එම අවස්ථාව අවහිර කිරීමට ගෙන ඇති තීරණය අපරාධයක් බවයි.
සිසුන්ට එවැනි අවස්ථා ලබා නොදුන හොත් එම සිසුන් බෙලරූස්, නේපාලය, චීනය හෝ ඉන්දියාව වැනි රටවලට ගොස් විදේශ විනිමය වැය කොට අධ්‍යාපනය ලබනු ඇති බව ද ඔහු පැවසුවේය.
පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අවස්ථාව ලබාදීම තුළින් මෙරටට විදෙස් සිසුන් ගෙන්වා ගෙන ”education tourism” සංකල්පය හඳුන්වා දිය හැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart