May 30, 2025

ඊයේ රාත්‍රී පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලයේ වහලයක කොටසක් කැඩිගොස් තිබේ.

ඒ හේතුවෙන් මරදාන ප්‍රවේශ පත් නිකුත් කරන කාර්යාලටද ජලය පතිතවීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට මේ වන විටත් බාධා මතුව ඇත.

ප්‍රවේශපත් නිකුත් කරන ස්ථාන වෙනස් කරමින් මේ වන විට එම කාර්යාලයේ කටයුතු සිදුකරමින් පවති.