
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා නියමිත කාලය ඇතුළත අනුමැතිය ලබා නොදෙන්නේ නම්, දැනට පවතින විදුලි ගාස්තු අඛණ්ඩව ක්රියාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එම සභාවේ සභාපති ධූරය තවමත් පුරප්පාඩු වී ඇති බැවින්, විදුලිබල මණ්ඩලය විසින් ජූලි 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සහ තීරණයක් ගැනීමට නොහැකි බව එම කොමිසන් සභාව පෙන්වාදෙයි.
නියමිත කාලය ඇතුළත මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ගාස්තුවලට අදාළ යෝජනාව අනුමත කරන්නේ නම් පමණක්, ජූලි 01 වැනිදා සිට එය ක්රියාත්මක කිරීමට ලංවිම සූදානම් බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කරයි.
පවතින ගැටලුකාරී තත්ත්වය නිසා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් මාස තුනකට ආසන්න කාලයක් රැස්වී නොමැත.
සභාපතිවරයෙක් නොමැතිව කිසිවක් කළ නොහැකි බවත්, මේ තත්ත්වය පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබෙන බවත්, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart