May 29, 2025

මෙරට විශාලතම ගංජා ජාවාරම්කරු ලෙස ආරක්ෂක අංශ සැක කරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ. ජයසිංහ නොහොත් ‘බතල හීන්මහත්තයා’ට අයත් රුපියල් මිලියන 100ක් පමණ වටිනා වත්කම් පොලිස් නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන අංශය විසින් තහනම් කර සිය භාරයට ගෙන තිබේ.

ඊයේ සිය භාරයට ගත් දේපළ අතරට ඇඹිලිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ඔසුසලක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් සහ චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළත් වේ.

මෙම දේපළ සැකකරුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති අතර, ඒවා මිලදී ගැනීමට මුදල් ලබා ගත් ආකාරය හෙළි කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

ඒ අනුව, අදාළ දේපළ දින 7ක් සඳහා සිය භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.