
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග්, එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියෙහි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ක්‍රියාකාරී මොරීන් හසියා, සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වීණි.
මෙම හමුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද විදේශ ආධාරවල විකාශන රාමුව සහ තිරසාර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් අපේක්ෂා කරන අතර, එක්සත් ජනපදය විසින් සියලුම විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික තහනම පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර තිබේ.
විශේෂයෙන් කාන්තා නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන මුලපිරීම් කෙරෙහි එහි බලපෑම සහ වත්මන් ආධාරක යාන්ත්‍රණයන් කඩාකප්පල් වුවහොත් ඇතිවිය හැකි පුළුල් මානුෂීය ගැටළු කෙරෙහි අවධානය යොමුකළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සංවර්ධනයේ ගෝලීය ප්‍රමුඛයකු ලෙස එක්සත් ජනපදයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී පිළිගෙන ඇති අතර, අඛණ්ඩ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය සහතික කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීමට එක්සත් ජනපදය දක්වන කැපවීම අග්‍රාමාත්‍යවරිය පිළිගෙන ඇත.
ඊට අමතරව, ආර්ථිකව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේදී, රටේ දිගුකාලීන සංවර්ධනයට සහායවීමේදී ඒවායේ අදාළත්වය හඳුනාගනිමින්, තීරුබදු පිළිබඳවද හමුවේදී සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart