May 22, 2025

මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කළ අපේක්ෂකයකු වන බන්දුල ප්‍රසන්න ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (04) වැනිදා කළුතර දකුණ පොලිස් කොට්ඨාශයට අයත් නාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුවිය.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් තිදෙනා භාවිත කළ යතුරුපැදිය සහ වෙඩිතැබීමට භාවිත කළ ගිනිඅවිය ද කළුතර අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබේ.

විමර්ශනයට අනුව, එක් සැකකරුවකු මුලින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී, ගිනිඅවිය සමඟ අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.