
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රජය විදේශීය ආයෝජකයන් සමග එක්ව ඛනිජ තෙල් ගවේෂණය සඳහා සූදානම් වීමත් සමඟ, එය අවදානම් සහිත ආයෝජනයක් බව එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නෝර්වීජියානු විශේෂඥයෙක් පවසා ඇත.
ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, නෝර්වේහි සමුද්‍ර පර්යේෂණ ආයතනයේ සහ බර්ගන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ මහාචාර්ය පීටර් මොස්බි හෝගන් පවසා ඇත්තේ, තමා ඛනිජ තෙල් සංවර්ධනයේ ආයෝජනවලට එරෙහිව අවවාදයක් කළ බවයි.
ඔහු පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණියේය.
“එය අවදානම් සහිත ආයෝජනයකි. එයට කාලය ගතවේ. එය සංවර්ධනය කිරීමට ද කාලය ගතවේ. ඔබ දිගු කාලයක් භාවිත කිරීමට පමණක් අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරයි. ඔබ තෙල් වේදිකාවක ආයෝජනය කරන්නේ නම් හෝ නළ මාර්ගයක ආයෝජනය කරන්නේ නම්, එය ඉතා මිල අධිකය. එවිට ඔබ කොටු වී ඇත”ඔහු පවසයි.
ඒ සමඟම, පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය පැනල අඩු මිලකට ලබාගත හැකි බව ඔහු පෙන්වාදෙයි.
“සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්තිය මිල අඩු වන බව අපට පෙනේ. එබැවින්, ඛනිජ තෙල් සඳහා ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වියයුතුයි ” ඔහු සඳහන් කරයි.
මීට පෙර, රජය පැවසුවේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ලංසු තැබීම් සඳහා කටයුතු කරන බවයි. මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගවේෂණ කොටස් සඳහා නව බලපත්‍ර වටයක් ආරම්භ කිරීමට පෙර, රජය අලෙවිකරණ උපදේශකයෙකු සොයමින් සිටී.
මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ද ලබා දී ඇත.
2011 දී කෙයාර්න් ඉන්දියා (පෞද්ගලික) සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන කෙයාර්න් ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගම විසින් සිදුකරන ලද ගවේෂණ සහ කැණීමකින්, ද්‍රෝණියේ M2 ගවේෂණ කොටසෙහි ස්වාභාවික වායු නිධි 2 ක් සහ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සොයාගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart