
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙප්සිකෝ හි ඉන්දියාවේ ෆ්‍රැන්චයිස් හිමිකරු වන වරුන් බෙවරේජස් සමාගම ශ්‍රී ලංකාවේ පිහිටි බෝතල් සිසිලන සමාගමක සියයට 50ක කොටස් අමෙරිකානු ඩොලර් මිලියන 3.75කට මිලදී ගැනීමට නියමිත බව වාර්තා වේ.
එම සමාගම වන්නේ සිසිල් බීම ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා වීදුරු දොරවල් සහිත වාණිජ ශීතකරණ නිෂ්පාදනය කරන එවරස්ට් ඉන්ඩස්ට්‍රියල් ලංකා (පෞද්) සමාගමයි.
ආයෝජන මණ්ඩල කලාපයේ පිහිටා ඇති එවරස්ට් ඉන්ඩස්ට්‍රියල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් කණ්ඩායමක ඒකකයකි.
මෙම අත්පත් කර ගැනීම මඟින් වරුන් බෙවරේජස් සමාගමට අවශ්යත ශීතකරණ අභ්‍යන්තරව ලබා ගැනීමට, එහි සැපයුම් දාමය විධිමත් කිරීමට සහ දිගු කාලීනව පිරිවැය කාර්යක්ෂමතාවට හේතු විය හැකි බවට අනුමාන කෙරේ.
වරුන් බෙවරේජස් සමාගමට දැනටමත් ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලැබී ඇති බව ද වාර්තා වේ.
මෙම පවරාගැනීම මැයි 30 වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
වරුන් බෙවරේජස් ශ්‍රී ලංකාවේ ද පෙප්සිකෝ මෙහෙයුම් පාලනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart