
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට වන වාර්තා සමග මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.
ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම්වල ආසියානු කුසලානයෙන් සහ 2025 පිරිමි ආසියානු කුසලානයෙන් තම කණ්ඩායම් ඉවත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්ථාන අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පවසා ඇති බව වාර්තා වේ.
ඉන්ඩියන් එක්ස්ප්‍රස් හි වාර්තාවකට අනුව, ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වූ එදිරිවාදිකම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
පසුගිය මාසයේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, පාකිස්ථානය රැඳී සිටින සිටින කාශ්මීර ප්‍රදේශයට සහ පාකිස්ථානයේ ත්‍රස්තවාදී ස්ථාන කිහිපයකට ඔපරේෂන් සින්දූර් ලෙස හැඳින්වෙන හමුදා මෙහෙයුමක් ඉන්දියාව සාර්ථකව සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.
“පාකිස්ථාන අමාත්‍යවරයකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධාන කරන ලද තරඟාවලියකට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැක,” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තා කර තිබේ.
වාර්තා වන පරිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම්වල ආසියානු කුසලානයෙන් ඉන්දියාව ඉවත්වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත වාචිකව දැනුම් දී තිබේ.
මෙම වසරේ ආසියානු කුසලානය ඉන්දියාව විසින් සත්කාරකත්වය දැරීමට නියමිතව තිබිණි.
තරඟාවලිය අවසන් වරට පවත්වන ලද්දේ 2023 දී වන අතර එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කර ශූරයන් බවට පත් විය.
ආසියානු කුසලානයේ අනුග්රාහකයන්ගෙන් බහුතරය ඉන්දියාවෙන් ඉදිරිපත් වන බැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය තරඟාවලිය අවලංගු කිරීමට බොහෝ දුරට හේතු විය හැකිය.
ඉන්දියාවට අමතරව, තරඟයට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ බංග්ලාදේශය ද සහභාගී වීමට නියමිතව තිබිණි.
ආසියානු කුසලානයේ මීට පෙර පැවති තගාවලියට පාකිස්ථානය විසින් සත්කාරකත්වය දරන ලද නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තම කණ්ඩායම දේශ සීමාව හරහා යැවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරඟාවලිය දෙමුහුන් ආකෘතියෙන් පැවැත්විණි.
අවසන් තරඟය ඇතුළුව ඉන්දියාවේ සියලුම තරඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.
ඒ හා සමානව, මෙම වසර මුලදී පැවති ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී ද දෙමුහුන් ආකෘතිය භාවිත කළ අතර ඉන්දියාව ඔවුන්ගේ සියලුම තරඟ ඩුබායි හිදී ක්‍රීඩා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart