
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය ජාතික හිටපු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකාවක වන චාලට් මේ ලී මෙරටට කංසා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සහ ඇයට එක්සත් රාජධානියේ සහාය ලබාදෙන බව එරට නිලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග තවත් එවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍යවල අවධානය යොමුව තිබේ.
දකුණු ලන්ඩනයේ කෝල්ස්ඩන් හි පදිංචිකාරියක වන 21 හැවිරිදි චාලට් මේ ලී කුෂ් කිලෝග්‍රෑම් 46ක් අඩංගු ගමන් මලු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ බැංකොක් සිට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දීය.
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් එම කාන්තාවට සහාය දෙන බවත් ඒ වෙනුවෙන් ඇගේ පවුලේ අය සහ දේශීය ආයතන සමඟ සම්බන්ධ වන බවත් එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය නිවේදනය කර තිබිණි.
මේ සමග මීට පෙර එවැනිම සිද්ධියකට සැකපිට ජෝර්ජියාවේ බන්ධනාගාරයක රඳවා සිටින 18 හැවිරිදි බෙලා කලී සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය අවධානය යොමු කර ඇත.
නීති විරෝධී ලෙස මරිජුවානා විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම, ළඟ තබා ගැනීම සහ ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇය පසුගිය අඟහරුවාදා ටිබිලිසි හි අධිකරණයේ පෙනී සිටියාය.
කලී ද පැමිණ ඇත්තේ තායිලන්තයේ සිට බව විශ්වාස කෙරේ.
ටිබිලිසි ගුවන්තොටුපළේ සංචාරක බෑගයක තිබී මරිජුවානා කිලෝග්‍රෑම් 12ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ජෝර්ජියානු පොලිසිය පැවසීය.
පාස්කු ඉරිදාට පසු ඇය පිලිපීනයට පියාසර කළ බවත්, මැයි 3 වැනි දින පමණ තායිලන්තයට පියාසර කිරීමට පෙර මිතුරකු සමඟ ගමන් කර ඇති බවත් විශ්වාස කෙරේ.
කලී යනු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රීවරයකු වන ෆ්‍රෑන්ක් කුක්ගේ මී මිණිබිරියයි.
ඔහු වසර 27ක් ස්ටොක්ටන් නෝර්ත් නියෝජනය කළ අතර, කොමන්ස් හි නියෝජ්‍ය කථානායකවරයකු බවට ද පත්විය.
කුක් පෙනහළු පිළිකාවකින් පීඩා විඳිමින් 2012 ජනවාරි මාසයේදී වයස අවුරුදු 76 දී මිය ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart