
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යර්ඩෙනා හි ජෝර්දාන නිම්නයේ පදිංචිකරුවකුට මොවුන් දෙදෙනා සිය ගෙවත්තේ සිටියදී හමුවීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔවුන් ඒ වනවිටත් ජෝර්දාන දේශසීමාව සහ මුළු මොෂාව් ප්‍රදේශයම තරණය කර තිබිණි.
මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජලය ඉල්ලා සිටීම හේතුවෙන් නිවසේ පදිංචිකරු වූ නිර්ට සැක මතු වී ඇති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන N12 වාර්තා කර තිබේ.
ඒ අනුව ඔහු පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය විසින් එම ස්ථානයට සොල්දාදුවන් කැඳවීමට පියවර ගෙන ඇත.
“ඔවුන් තර්ජනාත්මක බවක් පෙනුනේ නැහැ, සාමාන්‍ය සේවකයන් වගේ හිටියේ,” යැයි නිර් පැවසීය.
ඔවුන් ජලය ඉල්ලා සිටීමෙන් පසු ඔවුන්ගේ දුරකථනය ආරෝපණය කිරීමට පටන්ගෙන ඇත.
“මම ඔවුන්ට කෝපි සහ කුකීස් ගෙනාවා, නමුත් මගේ බිරිඳ සැක කරන්න පටන් ගත්තා,” නිර් පැවසීය.
එම නිසා ඔවුන් වැඩ කළ ස්ථානය පිළිබඳ ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන් ගොතගසා තිබේ.
“ඔවුන් ශ්‍රී ලංකාවේ අය බව මට තේරුණා, නමුත් මේ වෙන්නේ මොකක්ද කියලා මට තේරුණේ නැහැ. මම හමුදාවට සම්බන්ධ වන ප්‍රජා පොලිස් නිලධාරියාට කතා කළා. ඔවුන් ඉතා ඉක්මනින් පැමිණ පාලනය භාර ගත්තා,” යනුවෙන් ඔහු පැවසීය.
මොවුන් දෙදෙනා සංක්‍රමණික සේවකයන් බව හමුදාව තහවුරු කළ අතර, ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත භාරදී ඇති බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart