
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයකට ඊයේ රාත්‍රියේ නාරාහේන්පිටදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වාහනය නවතා පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කර අහසට සහ වාහනයට වෙඩිතබා ඇති බව පැවැසේ.
හල්ලොලුවට පහර දී ඇති බව වාර්තා වන අතර, ඔහු සතුව තිබූ රහස්‍ය ලිපිගොනුවක් ප්‍රහාරය අතරතුර සොරකම් කර ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
වාහනයේ සිටි නීතිඥ දිනේෂ් දොඩන්ගොඩද සිද්ධියෙන් තුවාල ලබා ඇත.
හල්ලොලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සිදුවෙමින් පවතින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවට හල්ලොලුවට චෝදනා එල්ල වේ.
ජනාධිපතිවරයා ග්‍රීසියේ විශාල ආයෝජනයක් කළ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පැමිණිල්ල අදාළ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart