
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩාගාර චක්‍රලේඛයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය සත්‍ය වශයෙන්ම සාවද්‍ය බවත්, එමගින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන අල්ලස් විමර්ශනයට බාධාකිරීමේ හැකියාවක් පවතින බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
ඉකුත් දා විශේෂ ජනමාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ, 2015 වසරේ තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නිකුත් කළ චක්‍රලේඛයක් මගින් පළාත් සභාවලට ස්ථාවර තැන්පතු මුදල් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, අල්ලස් කොමිසම පැහැදිලි කළේ, එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 2016 නොවැම්බර් 22 වැනිදා බවයි.
එහෙත් චාමර සම්පත් දසනායක එම තැන්පතුව ඉවත් කර ගෙන ඇත්තේ 2016 පෙබරවාරි 29 වැනිදා බව ද ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.
අද අධිකරණයට ඉදිරිපත් කළ චාමර දසනායකට රුපියල් කෝටියකට අධික අලාභයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ.
ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතුවකින් මුදල් අයථා ලෙස ලබාගෙන රජයට රුපියල් මිලියන 17.6ක පාඩුවක් සිදුකර ඇතැයි පැවැසෙන්නේ, ඔහු ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදීය.
චාමර සම්පත් දසනායකගේ බිරිඳගේ ඉල්ලීම මත රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය ප්‍රකාශය සිදුකළ බවත්, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙර එම චක්‍රලේඛය නිකුත් කළ වේලාව තහවුරු කර නොතිබූ බවත් කොමිසම වැඩිදුරටත් අනාවරණය කළේය.
ඔහුගේ ප්‍රකාශය දැනට පවතින විමර්ශනයේ අවංකභාවයට අහිතකර ලෙස බලපා ඇති බවට චෝදනා කළ විමර්ශකයෝ, චාමර සම්පත් දසනායකගේ ඇප අවලංගු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඇප අවලංගු කරන ලෙස කරන ලද ඉල්ලීම අධිකරණය පසුව සළකා බැලීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart