May 16, 2025

බදාදා රාත්‍රියේ (15) කොළඹ පැවති රැස්වීමකින් පසුව, පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ කිහිපයක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී තිබේ.

මෙම සාකච්ඡාව පෞද්ගලික හෝටලයක පවත්වා ඇති අතර, එහි අරමුණ වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනවල පාලනය ස්ථාපිත කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර සම්මුතිය ගොඩනැගීමයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයේ කිසිදු පක්ෂයකට සැළකිව යුතු බලයක් ලැබුණේ නැත.

දැන් විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් මෙම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයෑමට හෙට (17) සජිත් ප්‍රේමදාස හමුවීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, සමගි ජන බාලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්ඡාවට පැමිණෙන බව තහවුරු කර නොමැත.