May 16, 2025

කෑගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු මැයි 06 වන දින මැතිවරණ රාජකාරියට වාර්තා නොකර කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමඟ පින්නවල හෝටලයක නවාතැන් ගෙන සිටි බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කාන්තා කොස්තාපල්වරිය මැතිවරණ රාජකාරියට නොපැමිණි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට වාර්තා වීමෙන් පසුව මෙම සිද්ධිය අනාවරණය විය.