
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් මෙරට සූපවේදී ‘Wild Cookbook’ හි නිර්මාතෘ චරිත් එන්. සිල්වා වයස අවුරුදු 30 න පහළ ආසියාවේ බලවත්ම ව්‍යවසායකයින්ගේ ලැයිස්තුවේ පළමු 30 දෙනා අතරට ඇතුළත් කර තිබේ.
එම ලැයිස්තුව ආසියා-පැසිෆික් කලාපය පුරා සිටින තරුණ ව්‍යවසායකයන්, නායකයන් සහ නවෝත්පාදකයන් 300 දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 30ට අඩුවීම විශේෂත්වයකි.
‘Wild Cookbook’ යන යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිය ඉවුම් පිහුම් වීඩියෝ සඳහා ප්‍රසිද්ධියට පත් චරිත් එන්. සිල්වා, Forbes’ The Arts කාණ්ඩයට නම්කර ඇත.
“එළිමහන් සැකසුම් තුළ සිත්ඇදගන්නා අයුරින් කෑම පිළියෙළ කරන වීඩියෝ සඳහා ප්‍රසිද්ධියට පත් චරිත් එන්. සිල්වා කොරෝනා වසංගතය පැවැති 2020 වසරේ දී ‘Wild Cookbook’ යූ ටියුබ් නාලිකාව ආරම්භ කළේය.
එහි දැනට වීඩියෝ 600 කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වන අතර ‘Wild Cookbook’ සඳහා සිටින ග්රායකයන් සංඛ්‍යාව මිලියන 10 කට අධිකය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම YouTube නාලිකාව හිමි චරිත් එන්. සිල්වාට Instagram අනුගාමිකයින් මිලියන 2.3 කට වඩා සිටී.
2024 නොවැම්බරයේදී ඔහු Wildish නමින් කොළඹ අවන්හලක් විවෘත කර තිබේ” යනුවෙන් ෆෝබ්ස් සඟරාවේ චරිත් එන්. සිල්වා පිළිබඳ විස්තර කරමින් පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart