
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ, ඒ අනුව පැය 06කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාරයක් සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම තීරණවලට එළැඹී බව ඔහු ප්‍රකාශ කළේය.
සභාපතිවරයා පැවසුවේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සිදුකළ පරීක්ෂණය අවසන් අදියරට ළඟා වී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පංචපුද්ගල කමිටුවද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ, අනතුර පිළිබද මෝටර් රථ පරීක්ෂකගේ වාර්තාව, මියගිය රියැදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇතුළු අනෙකුත් විද්‍යාත්මක වාර්තා ලබාගැනීමෙන් පසුව අවසන් වාර්තාව ලබාදෙන බවයි.
පසුගිය ඉරිදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් 23ක් මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart