May 14, 2025

නුවරඑළිය – නුවර මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 17 දෙනකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවයි.

තුවාල ලැබූවන් ගම්පොළ සහ කොත්මලේ රෝහල්වලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

මෙම වෑන් අනතුර සිදුව ඇත්තේ පසුගියදා පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේය.