
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෑන්ස් සම්මාන උළෙලට සහභාගී වන නිළියන් සඳහා රතු පලස මත නිරුවත සහ විශාල ප්රමාණයේ ඇඳුම්වලින් පැමිණීම තහනම් කර තිබේ.
2022 දී කෑන්ස් රතු පලස මත නිරූපිකාවක් උඩුකය නිරුවතින් පෙනීසිටීමෙන් පසුව සහ බියන්කා සෙන්සෝරි මෙම වසර මුලදී ග්රැමී සම්මාන උළෙලේදී විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී පැමිණීමෙන් පසුව කෑන්ස් හි සංවිධායකයින් ආයතනික රාමුවට සහ ප්රංශ නීතියට අනුකූලව ප්රකාශයක් නිකුත් කළේය.
”මෙම වසරේ කෑන්ස් චිත්රපට උළෙල එහි ප්රඥප්තියේ දීර්ඝ කාලයක් තිස්සේ ක්රියාත්මක වූ ඇතැම් නීතිරීති පැහැදිලිව දක්වා ඇත. අරමුණ වන්නේ ඇඳුම් පැළඳුම් නියාමනය කිරීම නොව, රතු පලස මත සම්පූර්ණ නිරුවත තහනම් කිරීම, උත්සවයේ ආයතනික රාමුවට සහ ප්රංශ නීතියට අනුකූල වීමයි” යනුවෙන් උළෙල වෙනුවෙන් නිකුත් කර ඇති නව උපදෙස් මාලාවේ සඳහන් වේ.
එමෙන්ම සංවිධායකයන් පවසන්නේ අනෙකුත් අමුත්තන්ගේ ගමනට බාධා කළ හැකි හෝ ආසන විධිවිධාන සංකීර්ණ කළ හැකි ඇඳුමින් සැරසී සිටින පුද්ගලයන්ට ප්රවේශය ප්රතික්ෂේප කිරීමේ අයිතිය රඳවා තබා ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart