
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පක්ෂයට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම සඳහා මේ වන විටත් එක් එක් නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති නමුත්, විරුද්ධ දේශපාලන මත දරන පක්ෂ සමඟ සන්ධානගත නොවන බව ජාතික ජන බලවේගය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 339 ක බහුතරයක් දිනාගත් නමුත්, විපක්ෂ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සාමූහිකව ජාතික ජනබලවේගයට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් හිමි කරගෙන ඇති බැවින් එම බහුතරයක් ආයතනවල මුළු නියෝජනයෙන් 50% කට වඩා ලබාගැනීමට ජාතික ජනබලවේගය අපොහොසත් විය.
කෙසේවෙතත් ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ පවසන්නේ, බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල විරුද්ධ මත දරන පක්ෂ හෝ කණ්ඩායම් සමඟ කිසිදු දේශපාලන සන්ධානයක් ඇති කර නොගන්නා බවයි.
එහෙත් තනිවම බලය පිහිටුවීමට අපහසු වන පළාත් පාලන ආයතනවලදී, පක්ෂයේ වටිනාකම් සමඟ ගැළපෙන, වටිනාකම් බෙදාහදා ගැනීමට, සම දේශපාලන ප්‍රතිපත්තියක් ඇති, තමන්ට විශ්වාස කළ හැකි නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට පක්ෂය විවෘතව සිටින බව ද ඔහු පවසයි.
ඒ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බැවින් තීරණයකට එළඹිය යුත්තේ එවැනි පාර්ශව බව ද ඔහු පෙන්වාදෙයි.
දේශපාලනයේ සිටින සෑම කෙනෙකුටම තමන්ගේම ප්‍රතිපත්ති තිබෙන බවත්, දෙපාර්ශ්වයටම එකට වැඩ කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම් ඉදිරි ගමනක් ආරම්භ කළ හැකි බවත් නිහාල් අබේසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart