May 9, 2025

වරාය නගරය සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය තවත් ශක්තිමත් කර ඒ සඳහා ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ඒ ඔස්සේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමටත් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් අණපනත් සම්මත වීමෙන් අනතුරුව එම කටයුතු සිදු වන බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

මාලදිවයින් විසින් ඉදිරිපත් කර ඇති නව ආයෝජනයක් වන මෝල්ඩිව්ස් ෆයිනෑන්ෂල් ඉන්ටර් නැෂනල් සෙන්ටර් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩු පක්ෂයේ අවධානයට යොමුකළේය.

ඩුබායි සහ සිංගප්පූරුව සමග තරගකාරී ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා රජය දැනුවත් ද සහ ඒ සම්බන්ධයෙන් පවතින සූදානම පිළිබඳ මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.