May 12, 2025

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 වැනි වියේ පසුවන මග්ගොන තුඩාව පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.

සැකකරු අතින් එලෙස දූෂණයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි දැරියක් බවත්, ඇය මග්ගොන හෙට්ටි හන්දිය වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.