
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සීඝ්‍රයෙන් හා අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබියදීත් වෙළෙදපොලේ ඖෂධ මිල අධික වීම පාලනය කිරීමට රජය අසමත්වී ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සීඝ්‍රයෙන් හා අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබියදීත් වෙළෙදපොලේ ඖෂධ මිල අධික වීම සම්බන්ධයෙන් තම විරෝධය සහ කළකිරීම ප්‍රකාශ කරන අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගැනීමට නොහැකිව සිටින බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති රඹුක්වැල්ල කියා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීමට ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ ඖෂධවේදීන් අපොහොසත් වී ඇති බවයි.
එමනිසා මේ වන විටත් ඖෂධ, අනෙකුත් ඖෂධ නිෂ්පාදන සහ වෛද්‍ය උපකරණවල මිලද තවමත් නොවෙනස්ව පවතින බවද හෙතෙම සඳහන් කරයි.
එසේම ඖෂධ මිල තීරණය වන්නේ වෙළඳපල බලවේග මත බවද ඇමැතිවරයා පවසයි.
“ආණ්ඩුව විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් හෝ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් අනුගමනය කරන නිසා ඖෂධ මිල පාලනය කිරීමට හෝ ඖෂධ නිෂ්පාදන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජයට හෝ සෞඛ්‍ය ඇමැතිවරයාට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කරන්න වෙළෙඳ පොළ බලවේගවලට ඉඩදුන්නේ.” රඹුක්වැල්ල ඇමතිවරයා අවධාරණය කරයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart