
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩු කුසලතා ඇති සේවකයන් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමේ පියවරක් ලෙස තවදුරටත් සාත්තු සේවකයන් විදේශයන්ගෙන් බඳවා නොගන්නා බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය පවසා තිබේ.
යෙවෙට් කූපර් බීබීසීයට පවසා ඇත්තේ විදේශයන්ගෙන් සාත්තු සේවකයන් බඳවා ගැනීම අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවයි.
ඒ අනුව ඊට අවශ්‍ය නීති මෙම වසරේ වෙනස් වනු ඇති බවත් එහිදී විදේශිකයන් වෙනුවට සාත්තු සේවා සපයන සමාගම්වලට බ්‍රිතාන්‍ය ජාතිකයන් බඳවා ගැනීමට හෝ දැනටමත් රට තුළ සිටින විදේශීය සේවකයන්ගේ වීසා දීර්ඝ කිරීම හෝ සිදුකරනු ඇත.
සංක්‍රමණය අඩු කිරීමේ උත්සාහයක් ලෙස වීසා සහ බඳවා ගැනීමේ නීතිවලට වෙනස්කම් අද එළිදැක්වීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබේ.
එය ඉදිරි වසර තුළ එක්සත් රාජධානියට පැමිණෙන අඩු කුසලතා ඇති සහ සාත්තු සේවකයන් 50,000 දක්වා අඩු කරන පියවරක් බව රජය පවසයි.
බ්‍රිතාන්‍යයේ ශුද්ධ සංක්‍රමණ 2023 ජුනි මාසයේදී වාර්තාගත ලෙස 906,000ක් දක්වා ඉහළ ගිය අතර පසුගිය වසරේ එය 728,000ක් වී තිබේ.
සතිය මුලදී නිකුත් කිරීමට නියමිත ආගමන ධවල පත්‍රිකාවේ සඳහන් වන්නේ කුමක්දැයි ස්වදේශ කටයුතු කාර්යාලය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart