May 11, 2025

අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් යානයකදී මගියකුගේ ගමන් බෑගය තුළ තිබූ අමෙරිකානු ඩොලර් 4000 ක් සොරකම් කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු බවයි.

සැකකාර චීන ජාතිකයා සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 714 ක් සොයාගෙන තිබේ.

බෑගයේ හිමිකරු වන පැමිණිලිකරු වෙන්නප්පුව, හලාවත පාරේ පදිංචි කතෝලික පූජකවරයකු බව ද පොලිසිය පවසයි.