
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් විපතට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා එමගින් පවසා ඇත්තේ, කණගාටුදායක පුවත ඇසීමෙන් මහත් සේ කම්පාවට පත් වූ බව සහ රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන බවයි.
එවැනි අනතුරු වළක්වාගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පවසයි.
මෙම අනතුරු සැළකිව යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව රජය විශ්වාස කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන් වේ.
ඒ වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබෙන බවත්, අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත තමාගේ බලවත් සංවේගය පළකරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් පවසයි.
එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද එහි දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart