May 10, 2025

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහරෝහලට පැමිණියේය.

එහිදී එම හමුදා සාමාජිකයන්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිවරයා සාකච්ඡා කර ඇත.