
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් පාකිස්ථාන සුපර් ලීග් 2025 තරගාවලියේ ඉතිරි තරගවල කාලසටහන් නැවත ප්‍රකාශයට පත්කර ඇත.
ඒ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල ඇති ආරකක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු සැළකිල්ලට ගනිමින් බව පැවසේ.
ඒ අනුව, ඉදිරි යාවත්කාලීන කිරීම් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසයි.
අද රාත්‍රියේ පාකිස්ථාන සුපර් ලීග් තරඟ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණය ආසන්නයට ඉන්දීය ඩ්‍රෝන යානයක් කඩාවැටීමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා, ශ්‍රී ලංකා තරඟ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම වාරයේ පාකිස්ථාන සුපර් ලීග් හි කොටස්කරුවන් වන අතර, අන්තර්ජාතික ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ පාකිස්ථාන බලධාරීන් දැඩි අවධානයෙන් සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart