
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන ප්‍රදේශයේදී සිකුරාදා මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
එහිදී 81 හැවිරිදි පුද්ගලයකු තම 76 හැවිරිදි බිරිඳ සමග නිවෙස ආසන්නයේ ඇති බැංකුවක් වෙත ගොස්, වාහනය නවතා බිරිඳ වාහනය තුළ සිටියදී බැංකුව තුළට ගොස් තිබේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරිනි.
පොලිසියට අනුව, සැකකරු නවතා තිබූ වාහනය වෙත ගොස්, කාන්තාව එහි තනිව සිටිනු දැක, හදිසියේම මෝටර් රථයට ඇතුළු වී එය රැගෙන ගොස් තිබේ.
ඔහු කාන්තාවට පිටතට නොයන ලෙස පැවසූ නමුත්, හදිසියේ ඇති වූ තත්වයෙන් බියටපත් ඇය ධාවනය වෙමින් තිබූ වාහනයෙන් පිටතට පැන ඇත.
සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
සොරකම් කරන ලද මෝටර් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ දර්ශන සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
එදිනම පසුව එම වාහනය තවත් අපරාධයකට භාවිත කර ඇති බව ද අනාවරණය විය.
එය දෙහිවල ප්‍රදේශයේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart