May 4, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දූෂණ විරෝධී වැඩසටහනක් නිල වශයෙන් දියත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කටයුතු කර තිබේ.

එම වැඩසටහන විනිවිදභාවය සහ වගවීම සඳහා සැළකිව යුතු පියවරක් සනිටුහන් කරයි.

‘ඉවසන්න එපා – අල්ලස් නැත!’ යන සටන් පාඨය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ වසර ගණනාවක් තිස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පීඩාවට පත් කර ඇති දිගුකාලීන දූෂිත භාවිතයන් මුලිනුපුටා දැමීමයි.

ප්‍රධාන පියවරක් ලෙස, ඉදිරි සති කිහිපය තුළ CCTV කැමරා ස්ථාපනය කිරීමට නියමිත අතර, එමගින් මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට තත්‍ය කාලීන නිරීක්ෂණ සපයයි.

රජයේ නිලධාරීන් පවසන්නේ මෙම මුලපිරීම ප්‍රතිපත්තිමය වෙනසක් පමණක් නොව, අවංක රාජ්‍ය සේවකයන් සහ සුපරීක්ෂාකාරී පුරවැසියන් යන දෙපාර්ශ්වයටම දෙපාර්තමේන්තුව තුළ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා එක්විය හැකි ක්‍රියාමාර්ගයක් බවයි.

තිරසාර කැපවීමකින් යුතුව, මාස කිහිපයක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අක්‍රමිකතාවලින් පවිත්‍ර කළ හැකි යැයි බලධාරීහු බලාපොරොත්තු වෙති.

“දූෂණයේ පිළිකාව බොහෝ කාලයක් තිස්සේ පාලනයකින් තොරව පැතිරී තිබෙනවා,නමුත් පිරිසිදු නිලධාරීන්ගේ සහ වගකිවයුතු පුරවැසියන්ගේ සහාය ඇතිව, මෙය සුව කළ හැකි යැයි අපි විශ්වාස කරනවා ” යනුවෙන් එහි නිලධාරියෙක් පැවසීය.

ඕනෑම සැක සහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීමට සහ අල්ලස්වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට මහජනතාව දිරිමත් කරනු ලැබේ.

මෙම මුලපිරීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ සාමූහික උත්සාහයක් මත බව නිලධාරීහු අවධාරණය කරති.