May 4, 2025

වියට්නාමයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ කොටසක් ලෙස, අනගාරික ධර්මපාලතුමා විසින් ඉදිකරන ලද සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයෙන් පූජනීය බුද්ධ ධාතූන් වහන්සේලා මහජන වන්දනාව සඳහා රැගෙන ගොස් ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය සංචාරයක් සඳහා සහ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ඊයේ වියට්නාමය බලා පිටත්ව ගියේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ හෝ චි මිං නගරයේ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට වියට්නාම් බෞද්ධයන් පැමිණෙන ආකාරයයි.