
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් අත්අඩංගුවේ සිටියදී වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 07දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ සිටියදී පසුගිය ජනවාරි මාසයේදී මිය ගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණයට හේතුව පහරදීමක් බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූනි 06වැනිදා තීන්දු කළේය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණයේ නියෝගය ලබාදෙමින් මෙම මරණයට වගකිවයුත්තන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළාය.
2023 ජනවාරි මස 10 වැනි දින නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු වන සමන්ත ප්‍රීති කුමාර දිවා ආහාරය ගැනීමට තම මිතුරෙකු සමඟ අවන්හලකට පැමිණ ඇත.
සමන්ත ප්‍රීති කුමාර තම ආහාර වේල මිල දී ගෙන නැවත සිය කාර්යාලයට යෑමට තීරණය කර ඇති අතර, ඔහුගේ මිතුරා අවන්හලේ නැවතී දිවා ආහාරය භුක්ති විඳීමට තීරණය කළේය.
නැවත කාර්යාලයට පැමිණෙමින් සිටියදීයි ජීප් රථයකින් පැමිණි පිරිසක් සමන්ත ප්‍රීති කුමාර රැගෙන ගොස් ඇත.
ඉන් අනතුරුව ඔහුගේ නිසල දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව ඥාතීන්ට දැනුම්දී තිබේ.
එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ සමන්ත ප්‍රීති කුමාර නැමැත්තා විමර්ශනයට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාලයක ප්රමුඛ පෙළේ සාමාජිකයකු බවට සැක කෙරෙන බැවින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී, ඔහු බිඳීගිය බෝතලයකින් විමර්ශකයන්ට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, අධිකරණයේදී අනාවරණය වූයේ සමන්ත ප්‍රීති කුමාර මියගියේ පහරදීමෙන් සිදුවූ ලේ ගැලීමකින් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart