
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් එරට නායකයා ලෙස නැවත තේරී පත් වී ඇති අතර, දශක ගණනාවකට පසු දෙවැනි ධුර කාලයක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්ව ඇත.
ඔහු මධ්‍යම-දක්ෂිණාංශික ලිබරල්-ජාතික සන්ධානයේ විපක්ෂ නායක පීටර් ඩටන් පරාජය කළේය.
ඩටන්ට වසර 24 ක් තිස්සේ ඔහු දැරූ ක්වීන්ස්ලන්තයේ ඩික්සන් හි ඔහුගේ ආසනය ද අහිමි විය.
ඒ අනුව ඕස්ට්‍රේලියානු මහමැතිවරණයකින් සිය අසුන අහිමි වන පළමු විපක්ෂ නායකයා පීටර් ඩටන් බව වාර්තා වේ.
ජීවන වියදම් අර්බුදය සහ සෞඛ්‍ය සේවා සහ නිවාස ක්ෂේත්රයේ අභියෝග සමඟ ඕස්ට්‍රේලියානුවන් පොරබදමින් සිටියදී, වසර ආරම්භයේදී වාර්තාගත අවම මට්ටමක ජනප්‍රියත්වයක් පැවැති 62 හැවිරිදි ඇල්බනීස්ට මෙය කැපීපෙනෙන ජයග්‍රහණයකි.
ජීවන වියදම, ගරාවැටෙන මහජන සෞඛ්‍ය සේවා සහ දැරිය නොහැකි නිවාස ගැටළු මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ මුහුණදීමට සිදුවන බදු ගැටළු මෙවර මහමැතිවරණයේදී දැඩි අවධානයට ලක්වූ ඔස්ට්‍රේලියාව මුහුණපාන පොදු ගැටලු බවට පත්ව තිබිණි.
“අද, ඕස්ට්‍රේලියානු ජනතාව ඕස්ට්‍රේලියානු වටිනාකම් සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත: සාධාරණත්වය, අභිලාෂය සහ සැමට අවස්ථාව සඳහා; විපත්තිවලදී ධෛර්යය පෙන්වීමට සහ අවශ්‍යතා ඇති අයට කරුණාව දැක්වීමට ශක්තිය සඳහා,” ඇල්බනීස් පැවසීය.
වසර 24ක තම ආසනය අහිමි වූ සභාග නායක පීටර් ඩටන් පැවසුවේ තම පක්ෂය ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම බාරගන්නා බවයි.
එමෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart