
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිතුරන් දෙදෙනකු සමග මත්පැන් සාදයක් පැවැත්වීමෙන් අනතුරුව රෝගී වූ පුද්ගලයෙකු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සමග මත්පැන් පානය කළ අනෙක් පුද්ගලයන් දෙදෙනා ද රෝගී වී මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සුබයර් නොහොත් ‘සුමේධ’ යන නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයකු බවද අනාවරණය වේ.
රෝහල්ගත කර සිටින එක්අයෙකු මහර බන්ධනාගාරයේ නියාමකවරයකු බව ද පොලිසිය පවසයි.
ඔහු මුල්ලේරියාව සිරිනිවාස මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සිය නිවසේ මත්පැන් සාදය පවත්වා ඇති අතර අනතුරුව නින්දට ගොස් පසුදා අවදිවීමෙන් අනතුරුව රෝගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart