
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයක ශතකයක් වාර්තා කල පළමු පිතිකරුවා බවට පත්වන්නට ට්‍රැවිස් හෙඩ් සමත්විය. ඒ ලන්ඩන් ඕවල් හි ඉන්දියාව සමග ඊයේ(07) ආරම්භ වූ අවසන් මහා තරගයෙදීය.
ටෙස්ට් දිවියේ හයවන ශතකය වාර්තා කල ඔහු නොදැවි කඩුල්ලේ රැදි සිටින්නේ ලකුණු 146ක් ලබාගමින් වන අතර ඊට හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.
ස්ටිවන් ස්මිත් නොදැවි ලකුණු 95ක් රැස් කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 251 සබදතාවක් මේ වන විට පවත්වා තිබේ.
ඉන්දියාව සමග පැවැත්වෙන ලෝක ශුරතා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම සදහා ඔස්ට්‍රේලියාව කඩුලු 03 කට ලකුනු 327ක් ලබාසිටී.
ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart