
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2015 දී කොළඹ සාගර වීදියේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ඇගේ සිරුර ගමන් මල්ලක දමා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
2015 ජූලි 29 වන දින ධර්මරාජ කාර්තිකා නම් කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරු වන පැට්රික් ක්රිෂ්ණරාජාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසු, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, විත්තිකරු අදාළ චෝදනාවලට වැරදිකරු බව ප්‍රකාශ කළේය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ පෙනීසිටි විත්තිකරු චෝදනාවලට තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, ඔහු එම චෝදනාවලට වරදකරු වී ඇති බවත්, ඒ අනුව මරණ දඬුවම නියම කරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart