
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැය 12ක් නිකරුණේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් කරන ලද පරීක්ෂණයෙන් වරද කාගේද යන්න අනාවරණය කරගන්නා බවත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කර ඇත.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නියාමන ආයතනය ලෙස සිද්ධිය සිදුවූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.
“ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පරීක්ෂණයක් පවත්වන්න නියෝග කළා. මම ඔවුන්ට දැනුම් දුන්නා සිවිල් ගුවන් සේවා අධිකාරිය තමයි විමර්ශනය කරන නියාමන ආයතනය කියලා. මේ වන විට පරීක්ෂණයක් සිදුවෙමින් පවතින නිසා උන්වහන්සේව නොසලකා හැරියේ කවුරුන්ද යන්න අපට දැනගත හැකියි.” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම සිද්ධියට ඇගමැති දිනේෂ් ගුණවර්ධන සහ තමන් සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත චෝදනා කළ ඇමැතිවරයා, තමා ප්‍රභූ විවේකාගාරයේ වෙනම කොටසක සිටියදී අගමැතිවරයා වෙනත් විවේකාගාරයක සිටි බව පැවසීය.
“මාධ්‍ය පුවත් මැවිය යුතු නැහැ. ඇත්තටම සිදු වූ දේ වාර්තා කළ යුතුයි. මාධ්‍ය සම්බන්ධයෙන් අපිට රෙගුලාසි අවශ්‍ය වන්නේ මේ නිසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart