
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 80කට අධික වටිනාකමකින් යුත් රත්රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ප්රංශ ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී රත්රං කිලෝග්රෑම් 4.611ක් ශ්රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රේගුව පවසන්නේ 35 හැවිරිදි මෙම සැකකරුට රුපියල් මිලියන 70ක දඩයක් පැනවූ බවයි.
ප්රංශ ජාතිකයා ශ්රී ලංකාවට පැමිණෙන්නේ දිනකට පමණක් බැවින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කළ බව රේගුව පවසයි. එහිදී ඔවුන් මෙම රන් තොගය සොයාගෙන තිබේ.
කෙසේ වෙතත් අදාළ දඩ මුදල නොගෙවීම හේතුවෙන් ශ්රී ලංකා රේගුවට අනුයුක්ත නිලධාරීන් ප්රංශ ජාතිකයා මීගමුව වැඩබලන මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔහු ජුනි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කෙසේවෙතත් මීට සති දෙකකට පෙර වංචනික ලෙස මෙරටට රුපියල් මිලියන 74ක් වටිනා රත්රං තොගයක් රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම්ට රේගුව විසින් පනවා තිබුණේ රුපියල් ලක්ෂ 75ක දඩයක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart